• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැඩබිමේ ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර වැළැක්වීමේ ILO C190 සම්මුතිය ශ්‍රී ලංකාව නිල වශයෙන් අපරානුමත කරයි

1 April 2026
in දේශීය, පුවත්
වැඩබිමේ ප්‍රචණ්ඩත්වය සහ  හිරිහැර වැළැක්වීමේ ILO C190  සම්මුතිය ශ්‍රී ලංකාව නිල වශයෙන් අපරානුමත කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වැඩකරන ජනතාව මුහුණ දෙන ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර කිරීම්, විශේෂයෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන් වැළැක්වීම සඳහා වන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) අංක 190 දරන සම්මුතිය (C190) ශ්‍රී ලංකාව විසින් නිල වශයෙන් අපරානුමත කර (Ratify) තිබෙනවා. ඒ අනුව බංග්ලාදේශයට පසුව මෙම වැදගත් කම්කරු ප්‍රමිතිය පිළිගත් දකුණු ආසියාවේ දෙවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇත. මෙම අපරානුමත කිරීමත් සමඟ රජය විසින් සියලුම සේවා ස්ථානවල ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර වැළැක්වීම සහ ඒවාට විසඳුම් සෙවීම සඳහා අවශ්‍ය ජාතික නීති සහ ප්‍රතිපත්තිමය පියවරයන් ක්‍රියාවට නැංවිය යුතුවේ.මෙම සන්ධිස්ථානය පිළිබඳව පැහැදිලි කිරීමක් සහ ඉදිරි පියවර සාකච්ඡා කිරීම සඳහා කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) විසින් විශේෂ වැඩමුළුවක් කොළඹදී පවත්වනු ලැබුවා. ලිඛිත, වාචික, කායික, ලිංගික හෝ මනෝවිද්‍යාත්මක වේවා, ඕනෑම ආකාරයක ප්‍රචණ්ඩත්වයකින් තොරව ගෞරවනීය ලෙස සේවය කිරීමට සෑම සේවකයෙකුටම අයිතියක් ඇති බව එහිදී අවධාරණය කෙරුණා. එමෙන්ම මෙම සම්මුතිය රාජ්‍ය, පෞද්ගලික, විධිමත් මෙන්ම අවිධිමත් (Formal & Informal) යන සියලුම අංශවල සේවකයන්ට එකලෙස අදාළ වන බවද පෙන්වා දෙනු ලැබුවා.කෙසේ වෙතත් සම්මුතිය අපරානුමත කිරීමෙන් පමණක් සේවකයන්ට පූර්ණ රැකවරණය නොලැබෙන අතර, ඊට අනුකූල වන පරිදි මෙරට පාර්ලිමේන්තුව මඟින් ‘වැඩබිම් හිංසන විරෝධී’ නව දේශීය පනතක් කඩිනමින් සම්මත කළ යුතුව පවතිනවා. මෙම වැඩමුළුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ILO අධ්‍යක්ෂ ජෝනි සිම්ප්සන් (Joni Simpson) මහත්මිය සඳහන් කළේ සේවා ස්ථානයන්හි පවතින අනාරක්ෂිත බව නිසා දක්ෂතාවලින් රටට වැඩක් නොගෙන අපතේ යන බවත්, නිහඬව සිටීමේ සහ ඉවසීමේ සංස්කෘතිය දැන්වත් අවසන් විය යුතු බවත්ය.

Post Views: 1
Previous Post

අප්‍රේල් මෝඩයන්ගේ දිනය අදයි

Next Post

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරන වීසා අයදුම්කරුවන්ට වසර පහක තහනමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

Meta සමාගම නිර්දේශිත පද්ධති සඳහා නවතම AI පර්යේෂණාගාරයක් පිහිටුවයි

Meta සමාගම නිර්දේශිත පද්ධති සඳහා නවතම AI පර්යේෂණාගාරයක් පිහිටුවයි

1 April 2026
ජර්මනියේ කුමන්ත්‍රණ සහ පැහැර ගැනීමේ සැලසුම්වලට සම්බන්ධ ආධාරකරුවන් තිදෙනෙකුගේ නඩු විභාගය ඇරඹෙයි

බ්‍රයන් නොයෙම්ගේ ස්ත්‍රී ඇඳුම් ඇඳීමේ ආන්දෝලනාත්මක පුවතට ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිචාර දක්වයි

අමෙරිකා-ඉරාන යුද්ධය හේතුවෙන්  හටගත් බලශක්ති අර්බුදය හමුවේ  ඕස්ට්‍රේලියාවෙන් සහන රැසක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජර්මනියේ කුමන්ත්‍රණ සහ පැහැර ගැනීමේ සැලසුම්වලට සම්බන්ධ ආධාරකරුවන් තිදෙනෙකුගේ නඩු විභාගය ඇරඹෙයි

ජර්මනියේ කුමන්ත්‍රණ සහ පැහැර ගැනීමේ සැලසුම්වලට සම්බන්ධ ආධාරකරුවන් තිදෙනෙකුගේ නඩු විභාගය ඇරඹෙයි

1 April 2026
බ්‍රයන් නොයෙම්ගේ ස්ත්‍රී ඇඳුම් ඇඳීමේ ආන්දෝලනාත්මක පුවතට ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිචාර දක්වයි

බ්‍රයන් නොයෙම්ගේ ස්ත්‍රී ඇඳුම් ඇඳීමේ ආන්දෝලනාත්මක පුවතට ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිචාර දක්වයි

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved