ජර්මනියේ පැවති ආසියා-පැසිෆික් ව්‍යාපාරික සංගමයේ (OAV) 125 වන සංවත්සර සැමරුමට සහභාගී වූ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ රුමේනියාවේ කම්කරු අමාත්‍ය පෙට්‍රේ-ෆ්ලොරින් මනෝල් මහතා අතර ඊයේ (02) වැදගත් හමුවක් පැවැත්විණ
දෙරට අතර කම්කරු සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් විශේෂ අවබෝධතා ගිවිසුමකට (MoU) මෙහිදී අත්සන් තබන ලදී. රුමේනියාව තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා පවතින රැකියා අවස්ථා විධිමත් කිරීමත්, ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් තහවුරු කිරීමත් මෙම ගිවිසුම හරහා අපේක්ෂා කෙරේ.
විශේෂයෙන්ම යුරෝපා කලාපයේ ශ්‍රම වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන්ට පවතින ඉල්ලුම ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට මෙම රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම ඉවහල් වනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.














