පසුගිය සිකුරාදා දිනට සාපේක්ෂව අද (16) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
මහ බැංකු වාර්තාවලට අනුව, ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 307.18 සිට රුපියල් 307.52 දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම එහි විකුණුම් මිල ද රුපියල් 314.88 සිට රුපියල් 315.13 දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත්, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල මෙලෙස අවප්‍රමාණය වුවද, අනෙකුත් ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල් කිහිපයකට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් ශක්තිමත් වී (Appreciated) ඇති බව ද වාර්තා වේ. මැදපෙරදිග රටවල මුදල් ඒකක (Gulf currencies) හමුවේ රුපියලේ අගය අද දිනයේ සුළු වෙනස්වීම්වලට භාජනය වී ඇත.














