ඊයේ (09) දිනයට සාපේක්ෂව අද (10) ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට එරෙහිව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
මහ බැංකු වාර්තාවලට අනුව, අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 311.61 සිට රුපියල් 311.79 දක්වා ඉහළ ගොස් ඇති අතර, එහි විකුණුම් මිල රුපියල් 319.08 සිට රුපියල් 319.26 දක්වා ඉහළ ගොස් තිබේ. ඩොලරයට අමතරව ගල්ෆ් කලාපීය මුදල් ඒකක ඇතුළු අනෙකුත් විදේශීය ව්‍යවහාර මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ද රුපියලේ අගය අද දිනයේ පහත වැටී ඇති බව වාර්තා වේ.













