රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ මහතා විශේෂ සංචාරයක් සඳහා ලබන 31 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පැවැත්වෙන 11 වන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන රැස්වීමට සහභාගී වීමයි. දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමටත්, කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන් වැදගත් වන දේශපාලනික කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමටත් මෙම හමුව වැදගත් සන්ධිස්ථානයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














