ශ්‍රී ලංකාවට අවශ්‍ය පිරිපහදු කළ ඉන්ධන ලබාදීම සඳහා රුසියානු රජය සිය එකඟතාව පළ කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා අද (2026 මාර්තු 26) පස්වරුවේ නිවේදනය කළේය.
දැනට දිවයිනට පැමිණ සිටින රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණයට එළඹ ඇති අතර ඒ අනුව ඉදිරියේදී පිරිපහදු කරන ලද පෙට්‍රල් සහ ඩීසල් තොග රුසියාවේ සිට මෙරටට ලැබීමට නියමිතය. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන සැපයුම අඩාල වීම වැළැක්වීමට මෙම පියවර මහත් පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.












