• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංකාවේ ප්‍රථම වරට ගුවන් මගින් ඛනිජ තෙල් ගවේශණය ඇරඹෙයි – ඇමැති ගම්මන්පිල

16 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ මන්නාරම සහ කාවේරි ද්‍රෝණියේ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඛනිජ තෙල් සම්පත් ගවේෂණය පිණිස ප්‍රථමවරට ගුවන්යානා උපයෝගි කොට ගනිමින් ගුරුත්වාකර්ෂණ හා චුම්භක ක්ෂේත්‍ර දත්ත රැස්කිරීම හා සමීක්ෂණය පසුගියදා ආරම්භ කර ඇති බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (15) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පරිශ්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

මෙම සමීක්ෂණය කරන්නේ එක්සත් රාජධානිය මූලස්ථානය කොට ගත් ලෝක ප්‍රකට භෞතික සමීක්ෂණ සමාගමක් වන බෙල් ජියෝස්පේස් (Bell Geospace) පෞද්ගලික සමාගම විසිනි.

දිගු කාලීනව ලංකාවේ ඛනිජ තෙල් තිබිය හැකි ප්‍රදේශ බිම් කැබලි 20කට වෙන් කර තිබිණ. තනි සමාගමකට එක් බිම් කැබැල්ලක් ගවේෂණයට දිගු කාලයක් හා විශාල මුදලක් වැය වේ .

එනිසා බිම් කැබලි 20 කුඩා කොටස් 873 කට වෙන් කොට සිතියම නැවත සකස් කරනු ලැබීය. ලංකාවට පැමිණෙන ඛනිජතෙල් ආයෝජකයින් තමන් ගවේෂණය සඳහා තෝරා ගත යුත්තේ කුමන කැබැල්ල දැයි තීරණය කිරීමට නම් එම කැබලිවල විද්‍යාත්මක දත්ත හා තොරතුරු අවශ්‍ය වෙයි. එසේ තොරතුරු සම්පාදනය සඳහා ගුවන්ගත ගුරුත්වාකර්ෂණ චුම්භක ක්ෂේත්‍ර සමීක්ෂණය සිදු කෙරේ.

ශ්‍රී ලංකාව හා බෙල් ජියෝස්පේස් සමාගම අතර ගිවිසුම අනුව ගවේෂණ මගින් සොයා ගන්නා දත්ත රැස් කිරීමෙන් ශ්‍රී ලංකාවට තුන් ආකාරයක ප්‍රතිලාභ හිමිවන බවත්, මෙය විදේශ විනිමය උත්පාදන ව්‍යාපෘතියක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසිය. 

නව සැලැස්ම යටතේ රජයට කිසිදු වියදමක් නැතිව සීමිත දත්ත ප්‍රමාණයක් සහිත හෝ දත්ත රහිත භූමි ප්‍රදේශවල නවතම දත්ත හිමිවීම, සමීක්ෂණ පිරිවැය නැවත අයකර ගැනීමේ පදනම මත දත්ත විකිණීමෙන් වර්ධනාත්මක ආදායම් ප්‍රතිශතයක් ක්‍රමානුකූලව රජයට හිමිවීම ඉන් දෙකකි. තුන්වෙනුව මේ දත්ත පදනම් කරගනිමින් බෙල් ජියෝස්පේස් සමාගම ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් විභවය පිළිබඳව ජාත්‍යන්තර අලෙවි ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන නිසා ගෝලීය තෙල් හා ගෑස් සමාගම් ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වෙයි.

ලබන මස ඛනිජ තෙල් සංවර්ධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමෙන් අනතුරුව ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය ස්ථාපනය කෙරේ. ශ්‍රී ලංකාවේ ගෑස් හා ඛනිජ තෙල් ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජනය කරන මෙන් ලොව ප්‍රමුඛ පෙළේ ඛනිජ තෙල් සමාගම්වලට ආරාධනා කරන බව අමාත්‍යවරයා පැවසීය .

මන්නාරම් ද්‍රෝණියේ තෙල් හා ගෑස් නිධි උපයෝජනයෙන් පමණක් විදේශ ණය ගෙවීමට ප්‍රමාණවත් ආදායමක් උපයා ගත හැකි බව ගම්මන්පිළ මහතා පෙන්වා දුන්නේය.
ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්.ඔල්ගා, බෙල් ජියෝස්පෙස් ආයතනයේ අධීක්ෂණ නිලධාරි ඇන්ඩෘ ජෝෂප් සියර්ල් (Andrev Joseph Searle) යන මහත්ම මහත්මීහූ ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 9
Previous Post

තිරප්පන “තුරු සෙවන” රාජ්‍ය ඇමැති දුමින්දගේ ප්‍රධානත්වයෙන් ඉදිකිරීම් ඇරඹෙයි

Next Post

රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක් අවශ්‍යතාව නෑ – ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ

editor

editor

Next Post

රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක් අවශ්‍යතාව නෑ - ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025

Recent News

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved