දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (2026 මාර්තු 16) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.
අල්ලස් කොමිසම විසින් මෙම පියවර ගෙන ඇත්තේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ සමයේ සිදු කළ බව කියන දූෂණ ක්‍රියාවලට අදාළව සිදු කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස බව වාර්තා වේ. අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මීට අදාළ නඩු කටයුතු ඉදිරි දිනකදී විභාගයට ගැනීමට නියමිත බවයි.














