එළඹෙන උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික ජනතාවට සහනයක් සැලසීම සඳහා ලංකා සතොස හරහා අලෙවි කරනු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කිරීමට රජය තීරණය කර තිබේ. වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළ අතර ඒ අනුව සුදු නාඩු, සුදු කැකුළු, පාන් පිටි, පරිප්පු, හාල්මැස්සන් සහ බී ළූණු යන ආහාර ද්‍රව්‍යවල මිල මෙලෙස පහත දමා ඇත. ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ වුවද ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීම මෙහි අරමුණ වන අතර දිවයින පුරා පිහිටි සියලුම සතොස අලෙවිසැල් මගින් මෙම සහනය පාරිභෝගිකයන්ට ලබා ගත හැකිය.














