සවුදි අරාබියේ රියාද් නුවර පැවැත්වෙන ලෝක ආරක්ෂක ප්‍රදර්ශනයට (World Defense Show) සමගාමීව, ශ්‍රී ලංකාවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ සවුදි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්රාහ්මන් බින් අයියෆ් අල්-මක්රින් කුමරු අතර නිල හමුවක් පවත්වා තිබේ. දෙරට අතර පවතින දිගුකාලීන ආරක්ෂක සහයෝගීතාව නව මානයන් ඔස්සේ ශක්තිමත් කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණ විය.














