2026 වර්ෂය සඳහා රජයේ සහ රජයේ ආධාර ලබන පාසල්වල සිසු දරු දැරියන්ට අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි බෙදාහැරීමේ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙම නිල ඇඳුම් රෙදි තොගය මහජන චීන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් සුවිශේෂී ප්‍රදානයකි.
මෙම ප්‍රදානය යටතේ රෙදි මීටර් මිලියන 11.484 ක දැවැන්ත ප්‍රමාණයක් චීන රජය විසින් ලබා දී ඇත. ඒ අනුව දිවයින පුරා විසිරී සිටින සිසු දරු දැරියන් 4,418,404 දෙනෙකු සඳහා අවශ්‍ය නිල ඇඳුම් අවශ්‍යතාවය සපුරා ගැනීමට රජයට හැකි වී තිබේ.
පාසල් සිසුන්ට අමතරව රජයේ අනුමත පිරිවෙන්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීල මාතාවන් සහ ගිහි සිසුන් සඳහා ද මෙම නිල ඇඳුම් රෙදි ප්‍රදානය ලබා දී ඇත. නව පාසල් වාරය ආරම්භ වීමට පෙර සියලුම පාසල් වෙත මෙම රෙදි තොග බෙදාහැර අවසන් කිරීම මඟින් දෙමාපියන්ට පැවති විශාල ආර්ථික බරක් නිදහස් වනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.














