• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

රැකියා අපේක්ෂිතයන්ගේ සිහින සැබෑ කරන ‘Sri Lanka Skills Expo 2023’

6 April 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

‘Sri Lanka Skills Expo 2023’ ප්‍රදර්ශනය 2023 මැයි මස 12, 13 සහ 14 දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

ප්‍රධාන ආංශික නිපුණතා සභා 5කට අදාළ නව ප්‍රවණතා හා තාක්ෂණයන් පිළිබඳ දැනුම හා ඒ හා සබැඳි අවස්ථාවන් ලබා දෙනු ඇත. මෙය එම ක්ෂේත්‍රවල රැකියාවලට පිවිසීමට අපේක්ෂා කරන්නන්ට ලැබෙන අගනා අවස්ථාවකි. 2016 වසරේදී පිහිටුවන ලද සහ, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව හා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය සහයෝගය යටතේ පවතින ආංශික නිපුණතා සභා මගින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.

ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙල 2023 මැයි 12 දින පෙරවරු 9.00 සිට සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී, අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ප්‍රදර්ශනය පෙරවරු 9.00 සිට පස්වරු 8.00 දක්වා මහජනතාවට විවෘත වන අතර, ඇතුළුවීම සඳහා නොමිලේ. ආංශික නිපුණතා සභාවලට අදාළ කර්මාන්ත නියෝජනය කරන අමාත්‍යවරුන් ඇතුළු තවත් සම්භාවනීය ආරාධිතයන් පිරිසක් සමාරම්භක උළෙලට සහභාගී වනු ඇත. මෙය ජාතික මට්ටමේ සම්මන්ත්‍රණයක් සහ ප්‍රදර්ශනයක් වන අතර, නිපුණතා සහ කුසලතා සම්බන්ධ ජාතික හා ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් එකම වේදිකාවකට රැගෙන ඒමට එය සමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉදිකිරීම් කර්මාන්ත නිපුණතා සභාව (CISC), තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත නිපුණතා සභාව (ICTISC), නිෂ්පාදන සහ ඉංජිනේරු ආංශික නිපුණතා සභාව (MESSCO), සංචාරක කර්මාන්ත නිපුණතා සභාව (TISC) සහ කෘෂිකර්මාන්ත ආංශික නිපුණතා සභාව (ASSC) යන ආංශික නිපුණතා සභාවන්ට අදාළ කර්මාන්ත ක්ෂේත්‍රවල නැගී එන තාක්ෂණයන් “Sri Lanka Skills Expo 2023” තුළ මූලික වශයෙන් ඉදිරිපත් කෙරේ. මෙම කර්මාන්ත සම්බන්ධයෙන් දැනට පවතින කාර්මික පුහුණු වැඩසටහන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත්, රැකියා පුරප්පාඩු සම්බන්ධ දත්ත හුවමාරු කරගැනීමටත්, එම රැකියා සඳහා අයදුම් කිරීමට රැකියා අපේක්ෂිතයන් යොමුකරවීමටත් මෙම ප්‍රදර්ශනය කදිම අවස්ථාවක් වනු ඇත. පෞද්ගලික අංශයේ නිපුණතා සහ ශ්‍රම අවශ්‍යතාවයන් පිළිබඳ දැනුවත් කිරීම මෙහි තවත් අරමුණකි.

ඉහත සඳහන් ක්ෂේත්‍ර 5 ට අදාළ වර්තමාන ප්‍රවණතා සහ එම ක්ෂේත්‍ර තුළ පවතින වෘත්තීය අවස්ථාවන් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා විශේෂ වෘත්තීය මගපෙන්වීමේ වැඩසටහන් පෙළක්ද මෙම ප්‍රදර්ශනයට සමගාමීව සංවිධානය කෙරේ. සිසුන්ට සහ රැකියා අපේක්ෂිතයන්ට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා සේවායෝජකයන් හමුවීමට මෙන්ම අදාළ අංශවල පවතින විවිධ වෘත්තීයමය අවස්ථා පිළිබඳව දැනුවත් වීමට මෙය අගනා අවස්ථාවක් වනු ඇත. මේ ඔස්සේ අදාළ ක්ෂේත්‍රවල ප්‍රතිරූපය තවදුරටත් වර්ධනය කරවීමටත්, තාක්ෂණය භාවිතා කිරීම හා නිපුණතා සංවර්ධනය පිළිබඳ උපදේශන සේවා සැපයීමටත්, රැකියා වෙළඳපොළ පිළිබඳ තොරතුරු සහ දත්ත හුවමාරු කරගැනීමටත් සංවිධායකවරු බලාපොරොත්තු වෙති.

මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන, වෙළඳ කුටි හරහා තම නිෂ්පාදන, සේවාවන් හා අවශ්‍යතායන් පිළිබද දැනුවත් කරන ලෙසත්, අදාළ ක්ෂේත්‍රවල රැකියා අපේක්ෂිතයන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමග සමීප සම්බන්ධතා ගොඩනංවාගන්නා ලෙසත් සංවිධායකවරු අදාළ සමාගම්, ආයතන හා සංවිධානවලින් ඉල්ලා සිටිති. වෙළඳ කුටි වෙන්කරවා ගැනීම පිළිබඳ වැඩිදුර තොරතුරු 076 791 6006 දුරකථන අංකය ඔස්සේ ෂෙනාල් ජයසිංහ මහතා සහ 0772730770 සමන්ති ලෙනෝරා මහත්මිය වෙතින් ලබාගත හැක. පාසල් සිසුන්, පාසල් අධ්‍යාපනය අවසන් කළ පුද්ගලයන්, උපාධි අපේක්ෂකයින්, උපාධිධාරීන්, රැකියා විරහිත පුද්ගලයන්, නව රැකියා සොයන්නන්, දෙමාපියන්, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ඇතුළු ඕනෑම කෙනෙකුට Sri Lanka Skills Expo 2023 ප්‍රදර්ශනය විවෘත වේ. ප්‍රදර්ශනයේ ආවරණ පරාසය තවදුරටත් පුළුල් කිරීම සඳහා තෝරාගත් රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසකටද ආරාධනා කර ඇති අතර, මින් ඉදිරියට මෙම ප්‍රදර්ශනය වාර්ෂිකව පැවැත්වීමේ හැකියාව සොයාබැලීමටද මෙහි සංවිධායකවරුන් එකඟ වී ඇත. Sri Lanka Skills Expo 2023 සඳහා සිසුන්, ශ්‍රමිකයන් සහ අනෙකුත් පාර්ශවකරුවන් 15,000 ට අධික ප්‍රමාණයකගේ සහභාගිත්වය තෙදින තුලදී අපේක්ෂා කරයි.

Sri Lanka Skills Expo 2023 ප්‍රදර්ශනය මෙරට ක්ෂේත්‍ර රැසක සාමාජිකයන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ට තම අදහස් හුවමාරු කරගැනීමට සහ එම ක්ෂේත්‍රවල නිපුණතා ප්‍රවර්ධනය කිරීමට අගනා අවස්ථාවක් වනු ඇති අතර, ඒ ඔස්සේ එය රටේ ආර්ථික සංවර්ධනයටද කැපීපෙනෙන දායකත්වයක් දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එම නිසා 2023 මැයි මස 12, 13 සහ 14 දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය වෙත පැමිණ, රටේ ආර්ථිකයට ශක්තියක් වන ක්ෂේත්‍ර රාශියක පවතින නවතම අවස්ථා හා ප්‍රවණතා පිළිබඳව දැනුවත් වන මෙන් සංවිධායකවරු රටේ තරුණ තරුණියන් ඇතුළු සමස්ත මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

 

පිටපත – PR

Post Views: 6
Previous Post

නව ප්‍රති ත්‍රස්ත පනත මඟින් සියලු දෙනාගේ කටවල් වැසිමේ උත්සහායක් – අනුර දිසානායක

Next Post

HSR Engineering සමාගම, Megakem Engineering ලෙස ප්‍රති සන්නාමගත කෙරෙයි

editor

editor

Next Post

HSR Engineering සමාගම, Megakem Engineering ලෙස ප්‍රති සන්නාමගත කෙරෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved