• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 බෝආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවට කථානායකවරයා සහභාගී වෙයි

31 March 2026
in දේශීය, පුවත්
2026 බෝආඕ ආසියානු සංසදයේ  වාර්ෂික සමුළුවට කථානායකවරයා  සහභාගී වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පසුගියදා චීනයේ හයිනාන් ප්‍රදේශයේ පැවැති 2026 බෝආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවට (Boao Forum for Asia Annual Conference) සහභාගී විය. පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු දූත පිරිසක් ද මෙම සංචාරයට එක්ව සිටියහ.
සමුළුව අතරතුර කථානායකවරයා බෝආඕ සංසදයේ සභාපති බන් කී මූන් මහතා සහ මහලේකම් ෂැං ජුන් මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය. එහිදී එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම්වරයෙකු ද වන බන් කී මූන් මහතා, වර්තමාන ගෝලීය අභියෝග හමුවේ ආසියානු කලාපයේ සහයෝගීතාවයේ වැදගත්කම පෙන්වා දුන් අතර ශ්‍රී ලංකාව යුද ගැටුම්වලින් පසු ලබා ඇති ප්‍රගතිය ද ඇගයීමට ලක් කළේය.
කථානායකවරයා සමුළුවේ ප්‍රධාන සැසිවාරය අමතමින් භූ දේශපාලනික තත්ත්වයන්, ආර්ථික අවිනිශ්චිතතාව සහ කෘතිම බුද්ධිය වැනි නැගී එන තාක්ෂණයන් හමුවේ බහුපාර්ශ්විකත්වයේ සහ සාමූහික ක්‍රියාමාර්ගවල වැදගත්කම අවධාරණය කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ සිදුවන ආර්ථික සහ පාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව ද කරුණු පැහැදිලි කළ ඔහු, පුනර්ජනනීය බලශක්තිය සහ ඩිජිටල් සේවා ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ආයෝජනය සඳහා කලාපීය හවුල්කරුවන්ට ආරාධනා කර සිටියේය.
මෙම සංචාරයට සමගාමීව චීනයේ ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති ෂාඕ ලෙජි මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි. එහිදී දෙරට අතර පවතින දීර්ඝකාලීන සබඳතා සිහිපත් කෙරුණු අතර, චීන සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාව වීසා රහිත පහසුකම් සැලසීම පිළිබඳව ද අවධානය යොමු විය. ඊට ප්‍රතිචාර දක්වමින් ෂාඕ ලෙජි මහතා ප්‍රකාශ කළේ ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන් සඳහා ද වීසා රහිත පහසුකම් හඳුන්වා දීමට පියවර ගන්නා බවයි.
Post Views: 2
Previous Post

70 දශකයේ මහා තෙල් අර්බුදයටත් වඩා දරුණු බලශක්ති විනාශයකටද ලෝකය දැන් මේ සූදානම් වන්නේ?

Next Post

ජල සම්පාදන මණ්ඩලයේ ව්‍යාපෘති අධීක්ෂණයට වගකිවයුතු නිලධාරියෙක් නෑ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම  පොලිස් මාධ්‍ය ප්‍රකාශකට  රු. 60,000 ක වන්දියක් ගෙවීමට නියෝග

2 April 2026
ලිංගික අපරාධ චෝදනා මත  ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන පැමිණිලිකරු කරීම් ඛාන්ට එරෙහිව  විනය පියවර

හිටපු හයිටි අග්‍රාමාත්‍ය ගැරී කොනිල්  කෙන්යාවේ එක්සත් ජාතීන්ගේ  නේවාසික සම්බන්ධීකාරක ලෙස  පත් කෙරේ

තායිවාන හමුදා අයවැය ප්‍රමාදය නිසා  ඩොලර් බිලියන 2.4ක අවි මිලදී ගැනීම් සහ  පුහුණු කටයුතු අවදානමක

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම  පොලිස් මාධ්‍ය ප්‍රකාශකට  රු. 60,000 ක වන්දියක් ගෙවීමට නියෝග

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පොලිස් මාධ්‍ය ප්‍රකාශකට රු. 60,000 ක වන්දියක් ගෙවීමට නියෝග

2 April 2026
ලිංගික අපරාධ චෝදනා මත  ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන පැමිණිලිකරු කරීම් ඛාන්ට එරෙහිව  විනය පියවර

ලිංගික අපරාධ චෝදනා මත ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන පැමිණිලිකරු කරීම් ඛාන්ට එරෙහිව විනය පියවර

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved