මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින විදේශීය සංචාරකයන් සහ අනෙකුත් විදේශිකයන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කළේය. යුදමය තත්ත්වය නිසා ගුවන් ගමන් අවලංගු වීම හෝ ප්‍රමාද වීම හේතුවෙන් මෙරටින් පිටව යාමට නොහැකිව සිටින විදේශිකයන්ට අවශ්‍ය සහන සැලසීම සඳහා මෙම වැඩපිළිවෙළ දිවා රාත්‍රී ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම විශේෂ වැඩපිළිවෙළ යටතේ විදේශිකයන් සඳහා වීසා කාලය දීර්ඝ කිරීම, ගුවන් ගමන් පහසුකම් සම්බන්ධීකරණය සහ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු වී තිබේ. විශේෂයෙන්ම ඉරානය සහ අමෙරිකාව අතර පවතින ගැටුම් හේතුවෙන් ගුවන් සීමාවන් වසා දැමීම නිසා මෙරට රැඳී සිටින විදේශිකයන් පත්ව ඇති අපහසුතාවයන් මඟහරවා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය සහ සංචාරක සංවර්ධන අධිකාරිය එක්ව කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැහැදිලි කළේය.














