සිංහල සහ දමිළ අලුත් අවුරුදු උදාව වෙනුවෙන් ගම්බිම් බලා යන සහ නැවත පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙම විශේෂ දුම්රිය සේවාව අප්‍රේල් (11) සිට (19) දක්වා ක්‍රියාත්මක වන අතර, ඊට අදාළ සම්පූර්ණ කාලසටහන www.railway.gov.lk යන නිල වෙබ් අඩවිය ඔස්සේ පරීක්ෂා කළ හැකිය.
මෙහි විශේෂත්වයක් ලෙස කොළඹ කොටුව සහ අනුරාධපුරය අතර පළමු පන්තියේ වෙන් කළ ආසන මැදිරි දෙකක් සහිත දුම්රිය අප්‍රේල් 10, 11, 12, 15, 16, 17, 18 සහ 19 යන දිනයන් හිදී ධාවනය වේ. මීට අමතරව කන්කසන්තුරය සහ අනුරාධපුරය අතර ද එම දිනයන්හිදීම විශේෂ දුම්රියන් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මගී ජනතාවට කලින් ආසන වෙන් කර ගැනීම හරහා වඩාත් පහසු ගමන් අත්දැකීමක් ලබා ගැනීමට මෙහිදී අවස්ථාව පවතී.















