අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙහෙයවන “අපනයන කෘෂිකර්ම බෝග පොකුරු ගම්මාන” වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නව පොකුරු ගම්මාන 12ක් ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇති අතර පසුගිය 19 වනදා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී මේ පිළිබඳව විශේෂ අනාවරණයක් සිදු විය. මෙම ව්‍යාපෘතිය යටතේ නාගොඩ, බද්දෙගම, නියාගම, බලපිටිය, ඇත්කඳුර, ඇල්පිටිය, නෙළුව, තවලම, කරන්දෙණිය, හබරාදුව, යක්කලමුල්ල සහ අක්මීමන යන ව්‍යාප්ති නිලධාරී කොට්ඨාස 12 තුළ වගා ආදර්ශන ක්ෂේත්‍ර, නවීන කුළුබඩු උද්‍යාන, උසස් ප්‍රමිතියෙන් යුත් කුළුබඩු සැකසීමේ මධ්‍යස්ථාන සහ සෘජු අලෙවි මධ්‍යස්ථාන ඉදිකිරීමට නියමිතව තිබේ. විශේෂයෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන අපනයන බෝගයක් වන කුරුඳු ඇතුළු කුළුබඩු වර්ගවල ගුණාත්මකභාවය ඉහළ නංවා විදේශ විනිමය ආදායම වැඩිකර ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර මෙම වැඩපිළිවෙළ හරහා ප්‍රාදේශීය ව්‍යවසායකයන් දිරිමත් කිරීම සහ ගොවීන්ට තම අස්වැන්න සඳහා ඉහළ මිලක් ලබා ගැනීමට අවශ්‍ය තාක්ෂණික හා යටිතල පහසුකම් සැලසීමට රජය අපේක්ෂා කරයි.













