මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ගුවන් ගමන් අවලංගු වීම නිසා ශ්‍රී ලංකාවෙන් පිටවීමට නොහැකිව සිටින විදේශීය සංචාරකයින් සඳහා දින 14ක නොමිලේ වීසා සහනයක් ලබාදීමට රජය තීරණය කර ඇත. වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, ගුවන් කලාප වසා දැමීම නිසා අපහසුතාවයට පත් වූ විදේශිකයන්ට මෙරට තුළ තවදුරටත් රැඳී සිටීම සඳහා අවශ්‍ය නීතිමය පහසුකම් මේ යටතේ සැලසෙන බවයි. මෙම තීරණය මගින් සංචාරකයින්ට සිදු වන අමතර පීඩනය අවම කිරීමටත්, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් අපේක්ෂා කරන අතර, ගුවන් ගමන් යථා තත්ත්වයට පත් වූ වහාම ඔවුන්ට තම රටවල් බලා පිටත්ව යාමට අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කරමින් පවතින බව ද රජය වැඩිදුරටත් අවධාරණය කරයි.














