රජය විසින් මෙරටට ගෙන්වන ලද දහවන ගල් අඟුරු නෞකාව ද ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි. විදුලිබල මණ්ඩලයේ වාර්තා අනුව නව වැනි නෞකාව මෙන්ම දහවන නෞකාවෙන් ද මෙරටට ගෙනවිත් ඇත්තේ බාල ගල් අඟුරු බවත්, එමගින් නොරොච්චෝල බලාගාරයේ නිෂ්පාදන ධාරිතාව පහත වැටී ඇති බවත් ඔහු අවධාරණය කළේය.
බාල ගල් අඟුරු භාවිතය නිසා විදුලි උත්පාදන පද්ධතියේ බරපතල අර්බුදයක් මතුව ඇති බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා, මෙම වංචාව හරහා නැවත වරක් “හදිසි මිලදී ගැනීම්” සඳහා රජය යොමු වන බවට චෝදනා කළේය.














