රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා සඳහා ස්ථිරසාර විසඳුම් ලබාදීමේ අරමුණින් මේ වසර තුළදී නව වැටුප් කොමිසමක් පිහිටුවීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. විශේෂයෙන්ම දීර්ඝ කාලයක සිට පවතින විදුහල්පති සේවයේ වැටුප් ගැටලු ඇතුළු සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් ව්‍යුහයන් විධිමත් කිරීම මෙම කොමිසම හරහා සිදු කරන බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
මේ අතර, සාම විනිසුරු පත්වීම් ලබාදීමේදී මින් ඉදිරියට දේශපාලන හිතවත්කම් සලකා බැලීම සම්පූර්ණයෙන්ම නතර කර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ද මෙහිදී ප්‍රකාශ කළේය. වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන්නේ සුදුසුකම් මත පදනම්ව පමණක් මෙවැනි ගෞරවණීය තනතුරු සඳහා පුද්ගලයන් තෝරා ගැනීම බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














