අප්‍රේල් මාසයේ මුල් දින 5 තුළදී පමණක් සංචාරකයින් 26,800ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) නිකුත් කළ නවතම දත්ත වාර්තාවල සඳහන් වේ. එම සංඛ්‍යාවෙන් වැඩිම පිරිසක් එනම් 7,562ක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එය සමස්ත පැමිණීම්වලින් 28%ක ප්‍රතිශතයකි. මීට අමතරව එක්සත් රාජධානියෙන් 2,854ක්, ඕස්ට්‍රේලියාවෙන් 2,794ක්, රුසියාවෙන් 1,623ක්, චීනයෙන් 1,537ක් සහ ජර්මනියෙන් 1,090ක් ලෙස මෙම කෙටි කාලය තුළ සංචාරකයින් මෙරටට පැමිණ ඇත.
2026 වසරේ ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් 05 වැනිදා දක්වා වූ කාලසීමාව සැලකීමේදී මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 767,434ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම සමස්ත කාලසීමාව තුළ ද වැඩිම සංචාරකයින් පිරිසක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙන් (154,835) වන අතර, එක්සත් රාජධානියෙන් 81,274ක් සහ රුසියාවෙන් 67,541ක් ලෙස පිළිවෙළින් ඉහළ සංචාරක ආකර්ෂණයක් හිමිව ඇත. සංචාරක ක්ෂේත්‍රයේ මෙම වර්ධනය මෙරට විදේශ විනිමය ඉපයීම් ශක්තිමත් කිරීමට විශාල පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.















