ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තිරසර ලෙස ප්‍රවර්ධනය කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අරමුණු කරගත් 2026-2028 තෙවසරක සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අනුව දිවයිනේ සියලුම පළාත් 9ම ආවරණය වන පරිදි සංචාරක ගමනාන්ත හඳුනාගෙන ඒවායේ පහසුකම් නැංවීමට නියමිතය. මෙම සමස්ත වැඩසටහන සඳහා රුපියල් මිලියන 2,667.03ක ඇස්තමේන්තුගත මුදලක් වෙන් කර ඇති අතර, මෙහි විශේෂ ව්‍යාපෘතියක් ලෙස යාපනය දිස්ත්‍රික්කයේ සංචාරක යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 131.02ක මුදලක් වෙන් කර තිබේ. යාපනය දිස්ත්‍රික් ව්‍යාපෘතිය 2026 වර්ෂයේදීම ආරම්භ කිරීමට ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ද හිමිව ඇති අතර එමඟින් උතුරු පළාතේ සංචාරක ආකර්ෂණය තවදුරටත් ඉහළ නැංවීමට අපේක්ෂිතය.














