ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) නිකුත් කළ නවතම දත්තවලට අනුව 2026 පෙබරවාරි මාසය තුළ සංචාරකයින් 279,328ක් මෙරටට පැමිණ තිබේ. මෙය පසුගිය වසරේ (2025) පෙබරවාරි මාසයට සාපේක්ෂව 16.2%ක සැලකිය යුතු වර්ධනයකි.
පෙබරවාරි මාසයේ පැමිණි සංචාරකයින් අතරින් වැඩිම පිරිසක් වාර්තා වන්නේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 47,679කි. මීට අමතරව එක්සත් රාජධානියෙන් 30,788ක්, රුසියාවෙන් 23,099ක්, ජර්මනියෙන් 22,566ක්, චීනයෙන් 20,180ක් සහ ප්‍රංශයෙන් 17,174ක් ලෙස සංචාරකයින් මෙරටට පැමිණ ඇත.
ඒ අනුව 2026 වසරේ මුල් මාස දෙක (ජනවාරි 01 සිට පෙබරවාරි 28 දක්වා) තුළ මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 556,655ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම කාලසීමාව තුළ ද වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් (99,740) වන අතර එක්සත් රාජධානියෙන් 60,328ක් සහ රුසියාවෙන් 50,233ක් ලෙස සෙසු ප්‍රධාන රටවලින් සංචාරකයින් වාර්තා වී ඇත.














