ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2026 මාර්තු මාසයේ මුල් දින 29 ඇතුළත පමණක් විදේශීය සංචාරකයින් 175,661 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
මෙම වාර්තාවට අනුව 2026 වසරේ ජනවාරි 1 වනදා සිට මාර්තු 29 වනදා දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 732,316ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙලෙස මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් බහුතරයක් ඉන්දියාව, එක්සත් රාජධානිය, රුසියාව, චීනය, ජර්මනිය සහ ඕස්ට්‍රේලියාව යන රටවලින් වාර්තා වී තිබේ.














