මෙම වසරේ මාර්තු මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 183,979ක් ලෙස වාර්තා වන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මෙය පසුගිය වසරේ මාර්තු මාසයට (229,298) සාපේක්ෂව 19.8%ක සැලකිය යුතු අඩුවීමකි.
මෙම වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී සංචාරකයින් 277,000 ඉක්මවූ ඉහළ පැමිණීමක් වාර්තා වුවද, මාර්තු මාසයේදී එම අගය කැපී පෙනෙන ලෙස පහත වැටී ඇත. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සහ ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ ගුවන් ගමන් ගාස්තු ඉහළ යාම මෙම පසුබෑමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
එසේ වුවද, ඉදිරි උත්සව සමය සහ වසරේ දෙවන භාගය තුළ සංචාරක පැමිණීම යළිත් ඉහළ නංවා ගැනීම සඳහා ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සංචාරක බලධාරීන් අපේක්ෂා කරයි.














