එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව ද සහභාගී වන වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම සංචාරයේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම එක්දින තරග 2කකට සහ පන්දුවාර විස්සයි විස්ස (T20) තරග 4කට සහභාගී වීමට නියමිත අතර ඒ අනුව ඔවුන් සමස්තයක් ලෙස තරග 6කට මුහුණ දෙනු ඇති. මෙම තරග අප්‍රේල් මස 7, 8, 12, 13, 17 සහ 18 යන දිනවලදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. තරගාවලියට සහභාගී වීම සඳහා වන ශ්‍රී ලංකා යොවුන් කාන්තා සංචිතය හෙට (අප්‍රේල් 03) ඕස්ට්‍රේලියාව බලා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව පවතිනවා.














