විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන, විශේෂ අවශ්‍යතා සහිත අඩු ආදායම්ලාභී සිසුන් වෙනුවෙන් මාසිකව රුපියල් පන්දහසක (රු. 5,000) අමතර දීමනාවක් ලබා දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) තීරණය කර තිබේ. මෙම දීමනාව දැනට ලබා දෙන මහපොළ හෝ ශිෂ්‍යාධාර දීමනාවට අමතරව හිමි වන්නකි.
මෙම මූල්‍ය සහනය හිමි වන්නේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ පහට (රු. 500,000) වඩා අඩු පවුල්වල විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා පමණක් බව කොමිෂන් සභාව අවධාරණය කරයි. මහපොළ සහ ශිෂ්‍යාධාර ගෙවීමේදී අනුගමනය කරනු ලබන පොදු කොන්දේසි මෙම නව දීමනාව සඳහා ද අදාළ වන බව චක්‍රලේඛයක් මගින් සියලුම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් වෙත දන්වා ඇත.
විශ්වවිද්‍යාල සතුව පවතින අරමුදල් මගින් මෙම ගෙවීම් සිදු කරන ලෙසත්, අදාළ මුදල් ප්‍රතිපාදන මාසිකව පියවීමට පියවර ගන්නා බවත් ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් උපදෙස් දී තිබේ. ආර්ථික අපහසුතා මධ්‍යයේ ඉගෙනුම ලබන විශේෂ අවශ්‍යතා සහිත සිසුන් දිරිමත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.














