හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) යනු එහි ස්වභාවයෙන්ම නාවික ගමනාගමනයට ඉතා අසීරු මෙන්ම පටු මුහුදු මාර්ගයකි. ‘ඔපරේෂන් එපික් ෆියුරි’ (Operation Epic Fury) මෙහෙයුම ආරම්භ වීමත් සමඟ ඇති වූ බලශක්ති කම්පනය නිසා මේ වන විට තෙල් සහ ස්වාභාවික වායු රැගත් ටැංකි නැව් මෙම මාර්ගය භාවිතා කිරීම මුළුමනින්ම පාහේ නතර කර ඇත. ඉරානය විසින් මෙම සමුද්‍ර සන්ධිය තුළ බිම් බෝම්බ (Mines) ඇටවීමට සූදානම් වන බවට වාර්තා පළ වීමත් සමඟ අමෙරිකානු හමුදාවට මෙය හමුදා බලයෙන් මුදාගත හැකිද යන්න පිළිබඳව ‘ද ඉකොනොමිස්ට්’ (The Economist) පුවත්පත විශ්ලේෂණය කරයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම ප්‍රකාශ කර ඇත්තේ ඉරානය තෙල් ප්‍රවාහනයට බාධා කරන්නේ නම් යුද්ධය තවදුරටත් දරුණු කරන බවයි. එහෙත් ඉරානය සතු කුඩා ප්‍රහාරක යාත්‍රා, මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා (Kamikaze drones) සහ නවීන මුහුදු බිම් බෝම්බ හමුවේ මෙම මුහුදු මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම අතිශය අවදානම් සහගත කටයුත්තකි. අමෙරිකාව සතු උසස් තාක්ෂණය සහ නාවික බලය යොදාගෙන බිම් බෝම්බ ඉවත් කිරීමට උත්සාහ කළ හැකි වුවද ඉරානය විසින් වෙරළ තීරයේ සිට එල්ල කරන මිසයිල ප්‍රහාර හමුවේ එම මෙහෙයුම් අඩාල වීමේ අවදානමක් පවතී.
















