එළැඹෙන අප්‍රේල් 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි රේගු බදු ව්‍යුහය තුළ සිදුවන සංශෝධන පිළිබඳව වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. රජය විසින් මෑතකදී නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් සම්බන්ධයෙන් පවතින අවිශ්චිතතාවයන් දුරු කිරීම මෙහි අරමුණ වී ඇත.
භාණ්ඩාගාරයේ මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව, රේගු ආනයන බදු (CID) අනුපාතය 20% සිට 30% දක්වා ඉහළ නංවන අතරම, දැනට පවතින 50%ක රේගු ආනයන බදු අධිභාරය (Surcharge) අහෝසි කිරීමට නියමිතය. මෙම වෙනස්කම් දෙකෙහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත රේගු බදු සංරචකය තුළ කිසිදු මූල්‍යමය වෙනසක් සිදු නොවන බව එම සංගමය පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, 2026 අප්‍රේල් 01 වන දින සිට ආනයන අවස්ථාවේදී 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) අලුතින් එක්වන බැවින්, එය පමණක් අමතර පිරිවැයක් ලෙස වාහන මිලට එකතු වනු ඇති බව ආනයනකරුවන් වැඩිදුරටත් සඳහන් කරයි.














