ශ්‍රී ලංකාවේ වාහන ආනයන ක්ෂේත්‍රය තුළ ඉදිරියේදී සිදුවීමට නියමිත රේගු බදු සංශෝධන පිළිබඳව පවතින කුතුහලය සහ අවිශ්චිතතාවය අවසන් කරමින් වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් විශේෂ පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. ලබන අප්‍රේල් 01 වනදා සිට ක්‍රියාත්මක වන මෙම නව බදු ව්‍යුහය පිළිබඳව බොහෝ දෙනෙකු විමසිල්ලෙන් පසුවන අතර මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනවලට අනුව භාණ්ඩාගාර මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් වන නිල ස්ථාවරය ප්‍රකාශයට පත් කර ඇත.
මෙම නව සංශෝධනයන්ට අනුව දැනට පවතින රේගු ආනයන බදු (Customs Import Duty – CID) අනුපාතය සියයට 20 සිට සියයට 30 දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ. කෙසේ වෙතත් මෙහිදී පාරිභෝගිකයාට හෝ ආනයනකරුවන්ට අහිතකර බලපෑමක් ඇති නොවන පරිදි දැනට ක්‍රියාත්මක වන සියයට 50ක රේගු ආනයන බදු අධිභාරය (Surcharge) වෙනත් ගැසට් නිවේදනයක් මගින් සහමුලින්ම අහෝසි කිරීමට නියමිත බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි. මෙම ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලය වන්නේ රේගු බදු සංරචකයේ සමස්ත අගයෙහි කිසිදු වෙනසක් සිදු නොවීම වන අතර එමගින් වාහන මිලෙහි අසාධාරණ ඉහළ යාමක් සිදු නොවන බවට විශ්වාසය පළ කෙරේ.
එසේ වුවද 2026 අප්‍රේල් 01 වනදා සිට වාහන ආනයනය කිරීමේදී එක් අමතර පිරිවැයක් පමණක් එකතු වීමට නියමිතව ඇති බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි. ඒ අනුව ආනයන අවස්ථාවේදී අදාළ වන සියයට 2.5ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) පමණක් අමතර පිරිවැයක් ලෙස වාහනයේ මිලට එකතු වනු ඇත. මෙම පැහැදිලි කිරීමත් සමඟ වාහනයක් මිලදී ගැනීමට හෝ ආනයනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිස්වලට පවතින තොරතුරු අවිශ්චිතතාවය බොහෝ දුරට මඟහැරී යනු ඇතැයි අපේක්ෂා කෙරේ.














