පෙන්නුම් කරන බව JB සිකියුරිටීස් ආයතනයේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව ජනවාරි මාසයේදී ලියාපදිංචි වූ වාහන 55,365ක සංඛ්‍යාව පෙබරවාරි වන විට 51,682 දක්වා පහත වැටී ඇති අතර, මෙම තත්ත්වය මෝටර් රථ, SUV සහ වෑන් රථ ඇතුළු කාණ්ඩ කිහිපයකම දක්නට ලැබුණි. වෙළඳපොළේ වැඩිම කොටසක් තවදුරටත් යතුරුපැදි විසින් හිමිකරගෙන ඇති අතර, එහිදී Bajaj, Honda සහ TVS යන සමාගම් පෙරමුණේ පසුවෙයි.
මෝටර් රථ කාණ්ඩයේදී ජපන් වාහන සඳහා පවතින ඉල්ලුම තවදුරටත් ඉහළ මට්ටමක පවතින අතර Suzuki, Toyota සහ Daihatsu යන සන්නාමයන් එහි ප්‍රමුඛත්වය ගෙන තිබේ. මේ අතර විදුලි වාහන ලියාපදිංචිය ද 3,332ක් ලෙස සටහන් වූ අතර ඉන් වැඩි ප්‍රමාණයක් විදුලි යතුරුපැදි වේ. එසේම සාමාන්‍ය වාහන ලියාපදිංචිය මන්දගාමී වුවද Rolls-Royce, Bentley සහ Porsche වැනි අති සුඛෝපභෝගී වාහන කිහිපයක් ද පෙබරවාරි මාසය තුළ ලියාපදිංචි වී තිබීම විශේෂත්වයකි. වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු මුල් මාසයේ පැවති දැඩි උනන්දුව පෙබරවාරි වන විට යම් මට්ටමකට ස්ථාවර වී ඇති බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි.














