පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ යාම නිසා අද (08) දිනයේත් ප්‍රදේශ රැසකට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ.
ඒ අනුව අද උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා පහත ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලැබේ:
ගලගෙදර, ඉරිදා පොළ, පින්නවල, වේවැල්පනාව, පිටුම්පෙ, මීපේ, මාවතගම, පාදුක්ක, උඩුමුල්ල, අරුක්වත්ත, වේරගල, බෝපේ, මලගල, කහවල, මිල්ලව, කොටියන්ගොඩ, පෝරෙගෙදර, අංගම්පිටිය, අංගම්මන, මීරියගල්ල සහ යටවතුර.
මීට අමතරව ඊයේ රාත්‍රියේ සිට අද උදෑසන 8.00 දක්වා පැලැන්වත්ත, සිද්ධමුල්ල, ඇරැව්වල, නිවන්තිඩිය, බෝකුන්දර පාර, මහරගම – පිළියන්දල පාර ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයකට ද ජල කප්පාදුව ක්‍රියාත්මක විය. ජල මට්ටම් යථා තත්ත්වයට පත්වන තෙක් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














