අලුත් අවුරුදු උදාව සිදුවන හෙට (අප්‍රේල් 14) දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විශේෂයෙන් උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට මෙම තත්ත්වය බලපානු ඇත. අධික උණුසුම නිසා ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු මඟහරවා ගැනීමට ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත්, එළිමහනේ වෙහෙසකර කටයුතුවල නිරත වීම සීමා කරන ලෙසත් සෞඛ්‍ය අංශ මහජනතාවට උපදෙස් ලබා දෙයි.














