දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (19) පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිවේදනය කළේය. මැදපෙරදිග යුද වාතාවරණය සහ ලෝක බලශක්ති අර්බුදය හමුවේ මෙරට ආරක්ෂක සහ ප්‍රවාහන අංශ දැඩි අවධානයෙන් පසුවන පසුබිමක මෙම කාලගුණ විපර්යාසය වාර්තා වේ.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී
මධ්‍යම, සබරගමුව, වයඹ, උතුරු-මැද සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතින බව නිරීක්ෂණය විය















