ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම අද දිනයේ තවදුරටත් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත්, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලත් පවතින උෂ්ණත්වය ‘අවධානය’ යොමු කළ යුතු මට්ටමකට පැමිණ ඇති බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
මෙම අධික උණුසුම් තත්ත්වය හමුවේ විජලනය සහ අධික මහන්සිය වැනි සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බැවින්, ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත්, හැකිතාක් සෙවන ඇති ස්ථානවල රැඳී සිටින ලෙසත් මහජනතාවට උපදෙස් දෙනු ලැබේ. එසේම, එළිමහනේ වැඩ කරන පිරිස් සහ කුඩා දරුවන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස ද සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.














