2026 මාර්තු 08 වන අද දින පෙරවරු 5:30 ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇත. කෙසේ වෙතත්, පස්වරු 2.00 න් පමණ පසුව දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
අද උදෑසන කාලයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ යන පළාත්වල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව ද එම නිවේදනයේ සඳහන් වේ.














