අද (08) දිනයේ දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම ප්‍රදේශ හැරුණු විට දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මීට අමතරව අලුයම් කාලයේදී ප්‍රදේශ කිහිපයක මීදුම් සහිත තත්ත්වයක් පවතින බවට ද අනාවැකි පළ කර ඇත. ඒ අනුව උතුරු, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහ වයඹ යන පළාත්වල ඇතැම් ස්ථානවල මෙම මීදුම් සහිත තත්ත්වය දැකගත හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලික තද සුළං පවතින බැවින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.














