අද (අප්‍රේල් 11) සවස 1.00 න් පමණ පසුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ අවදානමක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. මෙම අවවාදාත්මක නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව යන පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මෙම තත්ත්වය බලපානු ඇත. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව එම නිවේදනය මඟින් වැඩිදුරටත් දන්වා තිබේ.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා එළිමහනේ රැඳී සිටීමෙන් වැළකී සිටින ලෙසත්, විද්‍යුත් උපකරණ භාවිතයේදී වඩාත් සැලකිලිමත් වන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. උත්සව සමයේ සංචාරය කරන සහ එළිමහන් කටයුතුවල නිරත වන පුද්ගලයන් මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වේ.














