බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් අද (02) සවස් කාලයේදී ප්‍රබල අකුණු සහිත ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
අද පස්වරු 2.00 ට නිකුත් කරන ලද මෙම අවවාදාත්මක නිවේදනයට අනුව ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති විය හැකියි. එබැවින් අකුණු මඟින් සහ තද සුළඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
විශේෂයෙන්ම ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී එළිමහන් ස්ථානවල රැඳී සිටීමෙන් වැළකී ආරක්ෂිත ගොඩනැඟිල්ලක් හෝ ස්ථානයක් වෙත යොමු වන ලෙසත්, විද්‍යුත් උපකරණ භාවිතයෙන් වළකින ලෙසත් උපදෙස් දෙනු ලබනවා.














