බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද, දකුණ, ඌව සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අද (18) පස්වරු 2.00න් පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී කුඹුරු, ක්‍රීඩා පිටි, තේ වතු හෝ ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින්න
එළිමහනේ හෝ ගස් යට රැඳී නොසිට ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැඳී සිටීමට කටයුතු කරන්න
රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කර ඇති විදුලි උපකරණ භාවිතයෙන් වැළකී සිටීම අත්‍යවශ්‍ය වේ
බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වළකින්න. තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් ඇද වැටිය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න
හදිසි ආපදා තත්ත්වයකදී සහාය ලබා ගැනීමට ප්‍රාදේශීය ආපදා කළමනාකරණ නිලධාරීන් සම්බන්ධ කර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.
අද දින පස්වරුවේ සිට ක්‍රියාත්මක වන නව ඉන්ධන QR ලියාපදිංචිය සහ වාහන අංක තහඩු ක්‍රමවේදය සඳහා පෝලිම්වල රැඳී සිටින ජනතාවට මෙම කාලගුණ තත්ත්වය බලපෑම් කළ හැකි බැවින්, ආරක්ෂිත පියවර අනුගමනය කිරීම වැදගත් වේ.















