බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ‘ඇම්බර්’ වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (13) දහවල් නිකුත් කරන ලද මෙම නිවේදනය රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙනු ඇත.
ඒ අනුව, අදාළ ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතී. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ අංශ අනතුරු අඟවයි.
අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ. විශේෂයෙන්ම එළිමහන් ස්ථානවල රැඳී සිටීමෙන් වැළකී සිටින ලෙසත්, විදුලි උපකරණ භාවිතයේදී සැලකිලිමත් වන ලෙසත් උපදෙස් දී තිබේ. ‘දිට්වා’ (DITVA) සුළි කුණාටුවෙන් පසු පවතින අස්ථායී කාලගුණික තත්ත්වය මෙයට ප්‍රධාන හේතුව වී ඇත.














