අද (21) දිනයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින උෂ්ණත්වය ශරීරයට දැනෙන මට්ටම දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, උතුරු-මැද, දකුණු සහ වයඹ යන පළාත්වලත්, මොනරාගල, මන්නාරම, වවුනියාව සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මෙම තත්ත්වය පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
උණුසුම් කාලගුණය මධ්‍යයේ වුවද, දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි ඇති විය හැකි බවද වාර්තා වේ. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ සහ ඌව යන පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං මෙන්ම අකුණු මඟින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.













