පවතින කාලගුණික තත්ත්වය අනුව මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (18) පස්වරුවේ නිවේදනය කළේය. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, නැගෙනහිර පළාතේ උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැක.
මීට අමතරව, හෙට (19) අලුයම කාලයේදී මධ්‍යම, සබරගමුව, වයඹ, උතුරු-මැද සහ බස්නාහිර පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද කාලගුණ බලධාරීන් පෙන්වා දෙයි. ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.














