හෙට (2026 මාර්තු 26) දිනයේදී දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” (Caution) මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (25) පස්වරුවේ නිවේදනය කළේය. පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ මෙම තත්ත්වය ඇති විය හැකි බව ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
මෙම උණුසුම් කාලගුණය හමුවේ තෙහෙට්ටුව සහ විජලනය වැනි තත්ත්වයන් ඇති විය හැකි බැවින් ප්‍රමාණවත් තරම් ජලය පානය කරන ලෙසත්, එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතුවලින් වැළකී සිටින ලෙසත් සෞඛ්‍ය අංශ මහජනතාවට උපදෙස් දෙයි. විශේෂයෙන්ම කුඩා දරුවන්, වැඩිහිටියන් සහ රෝගී පුද්ගලයින් පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වේ.
මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් රජය විසින් හෙට (26) දිනය ද විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ඇති ඉඩකඩ සහ බලශක්ති අර්බුදය හමුවේ නිවෙස් තුළම රැඳී සිටීම මෙම උණුසුම් තත්ත්වයෙන් ආරක්ෂා වීමට ද ඉවහල් වනු ඇත.














