බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (23) පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින අතර බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වල සහ ගාල්ල, මාතර, කුරුණෑගල දිස්ත්‍රික්කවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගෙන් ඓතිහාසික දේශපාලන වාර්තාවක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දින 8,931 ක් රජයක නායකත්වය දරමින් ඉන්දීය දේශපාලන ඉතිහාසයේ වැඩිම කාලයක් රජයක නායකත්වය දැරූ පුද්ගලයා ලෙස ඊයේ (22) නව වාර්තාවක් පිහිටුවීය. ඒ අනුව සිකිම් ප්‍රාන්තයේ හිටපු මහ ඇමති පවන් කුමාර් චැම්ලින් තබා තිබූ දින 8,930 ක වාර්තාව ඔහු අභිබවා ගොස් තිබේ. ගුජරාට් මහ ඇමති ලෙස සහ ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහු දැරූ සමස්ත සේවා කාලය මෙම වාර්තාවට පාදක වී ඇත. තම පාලන කාලය තුළ කෝටි 25 ක ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට හැකි වූ බවත්, “සංවර්ධිත ඉන්දියාවක්” (Viksit Bharat) ගොඩනැගීම තම අරමුණ බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.














