දිවයිනේ මධ්‍යම, සබරගමුව, දකුණු, වයඹ සහ ඌව යන පළාත්වල අද (16) පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මීට අමතරව නැගෙනහිර පළාතේ ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද උදෑසන කාලයේදී මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය. මුහුදු ප්‍රදේශ පිළිබඳව සැළකීමේදී පොතුවිල් සිට මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වන වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී.
දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං නැගෙනහිර දෙසින් හමා එන අතර එහි වේගය පැයට කිලෝමීටර් 20ත් 30ත් අතර වනු ඇත. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර මුහුද ඉතා රළු විය හැකි බවට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.














