දිවයිනේ පවතින කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නවතම නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අද (16) පස්වරු 2.00න් පමණ පසුව මධ්‍යම, සබරගමුව, දකුණ, වයඹ සහ ඌව පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර පළාතේ ස්ථාන කිහිපයක වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැකි අතර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින්, එමගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කිරීමේදී, පොතුවිල් සිට මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැක. එසේම පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට ද කාලගුණ අනාවැකි පළ වේ.














