පවතින දැඩි රශ්මියෙන් පීඩා විඳින ජනතාවට සුළු සහනයක් එක් කරමින්, දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (24) පස්වරුවේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, දකුණ, ඌව සහ සබරගමුව යන පළාත්වලටත්, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලටත් අද පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ ඉහළ සම්භාවිතාවක් පවතී.
විශේෂයෙන්ම රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇති අතර, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව යන පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද දැකිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී. විශේෂයෙන්ම එළිමහනේ වැඩ කරන පිරිස් සහ උස් ස්ථානවල සිටින්නන් අකුණු අනතුරු පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුය.














