රට තුළ පවතින සුවිශේෂී තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති බදාදා විශේෂ නිවාඩු දිනය තුළ උපකාරක පන්ති පැවැත්වීම ද තහනම් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා දැනුම් දෙයි. සෑම සතියකම බදාදා දිනය පාසල්, විශ්වවිද්‍යාල, අධිකරණ සේවා ඇතුළු රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, පෞද්ගලික අංශයෙන් ද එදින නිවාඩු දිනයක් ලෙස ක්‍රියාත්මක කරන ලෙස රජය ඉල්ලා සිටියි. කෙසේ වෙතත් සෞඛ්‍ය, වරාය, ජල සම්පාදන, බලශක්ති සහ රේගුව වැනි අත්‍යවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන මෙම නිවාඩුවට ඇතුළත් නොවේ.
බලශක්ති අර්බුදය කළමනාකරණය කිරීමේ පියවරක් ලෙස සියලුම රාජ්‍ය උත්සව ද නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති අතර, කෘෂිකර්ම, සංචාරක සහ වැවිලි වැනි අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය තක්සේරු කර අමතර කෝටා ලබාදීමට රජය තීරණය කර ඇත. සතියේ සෙසු වැඩ කරන දින හතර තුළ කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීමේ බලය අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ ආයතන ප්‍රධානීන්ට පවරා ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම සීමා කිරීම් හේතුවෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත රජයේ විභාගවලට යම් බලපෑමක් එල්ල වීමේ අවදානමක් පවතින බව ද බලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙයි.













