සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේ ජයග්‍රාහකයින් තීරණය කෙරෙන තීරණාත්මක අවසන් මහා තරගය අද පැවැත්වීමට නියමිතයි. දෙරට අතර පැවැති පළමු තරග දෙකෙන් කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයග්‍රහණය කර තිබීම නිසා අද තරගය ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ ශූරතාව හිමි වනු ඇති. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම මෑත කාලීනව දැක්වූ දක්ෂතා හමුවේ මව්බිමේදී මෙම තරගාවලි ජයග්‍රහණය ලබා ගැනීමට දැඩි විශ්වාසයකින් පසුවනවා. විශේෂයෙන්ම පිතිකරණයේදී මෙන්ම පන්දු යැවීමේදී ද දක්ෂතා අතරට පැමිණ සිටින ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හමුවේ කොදෙව් කණ්ඩායමට අද දැවැන්ත අභියෝගයකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි ක්‍රීඩා විචාරකයින් පවසන්නේ.














