2026 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ අද (16) පැවැත්වෙන තීරණාත්මක ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ආරාධනා කරන ලදී. සත්කාරක රටක් ලෙස මෙම තරගයේදී ශ්‍රී ලංකාවට හිමිවන වාසිය උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින් ඕස්ට්‍රේලියානු ඉනිම අවම ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ අරමුණ වී තිබේ.














